මෙම මාසයේ පළමු දින 18 තුළ පමණක් දිවයිනට පැමිණ තිබෙන විදෙස් සංචාරකයන් සංඛ්‍යාව 80,000 ඉක්මවා ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ එම කාල සීමාවේදී සංචාරකයන් 80,421දෙනෙක් මෙරටට පැමිණ ඇති බවයි.
මෙම වසරේ ගත වූ කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති මුළු සංචාරකයන් සංඛ්‍යාව 977, 305ක් බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.