ලබන 20 වනදාට පෙර මහජන ආරක්ෂක කමිටු පිහිටුවා අවසන් කළ යුතු බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පොලීසියට දැනුම් දී තිබෙනවා.
අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ වැඩබලන පොලිස්පතිවරයා විසින් එය සියලු ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන්ට දැනුම් දි ඇති බවයි.
වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසින් දිවයින පුරා මහජන ආරක්ෂක කමිටු පිහිටුවීමට අදාළ චක්‍රලේඛය පසුගිය අප්‍රේල් 08 වනදා නිකුත් කිරීමට පියවර ගත්තා.
මේ යටතේ සෑම ග්‍රාම නිලධාරී වසමක්ම අවාරණය වන පරිදි මහජන ආරක්ෂක කමිටු 14,022ක් පිහිටුවීමට නියමිතයි