කොළඹ ප්‍රදේශ රැසකට අද (25) පෙරවරු 8.00 සිට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශ, කෝට්ටේ, කඩුවෙල, බත්තරමුල්ල යන ප්‍රදේශවලට සහ කොළොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව, අයි.ඩී.එච්, මහරගම, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන සහ මොරටුව යන ප්‍රදේශ වලට අදාළ ජල සැපයුම අත්හිටුවීම ක්‍රියාත්මක වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *