අභාවප්‍රාප්ත හෙළ සිනමාවේ නිළි රැජිණ මාලිනී ෆොන්සේකාගේ දේහය පිළිබදව අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව අද (26) සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ නිදහස් චතුරස්‍රයේදීයි.

අද පෙරවරු 9.00 සිට පස්වරු 03 දක්වා නිදහස් චතුරශ්‍රයේදී ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහජනතාවට අවස්ථාව සලසා දී තිබෙනවා.

පස්වරු 3.30ට දේහය ආගමික වතාවත් සිදු කිරීම සඳහා නිදහස් චතුරස්‍රයේ ඉදිකළ විශේෂ වේදිකාව වෙත රැගෙන යාමට නියමිතයි.

අභාවප්‍රාප්ත මාලිනී ෆෝන්සේකාගේ අවසන් කටයුතු හේතුවෙන් නිදහස් චතුරස්‍රය අවට ප්‍රදේශයේ රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *