අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනි ෆොන්සේකාගේ දේහය මහජන ගෞරව සඳහා මේ වන විට කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට රැගෙන විත් තිබෙනවා.

මාලිනී ෆොන්සේකාගේ දේහය පිළිබද අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව අද (26) පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.

පස්වරු 3.00 දක්වා මහජන ගෞරවය සඳහා අවස්ථාව සලසාදී තිබෙනවා.

අනතුරුව පස්වරු 3.30ට ඇය අධ්‍යාපනය ලැබූ කැලණිය ගුරුකුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ කලාකරුවන් විසින් දේහය බෞද්ධ ආගමික වතාවත් සිදු කිරීම සඳහා ඉදිකළ විශේෂ වේදිකාව වෙත රැගෙන යාමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පස්වරු 5.45ට දේහය චිතකය වෙත රැගෙන යාම සිදු කිරීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *