ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලාංකික ප්‍රාසාංගික කලාකරුවන්ගේ ඒකාබද්ධ සංසදය අතර හමුවක් ඊයේ (25) පවත්වා තිබෙනවා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

රට තුළ මෙන්ම විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන ජනතාවට අහිමි වී ගිය සංස්කෘතික ජීවිතය නැවත සමීප කරවීම වෙනුවෙන් එළිමහන් ප්‍රසංග පවත්වන කලාකරුවන් සිදු කරන මෙහෙය ජනාධිපතිවරයා එහිදී ඇගයීමට ලක් කළා.

එළිමහන් ප්‍රසංග කලාකරුවන් ක්ෂේත්‍රය තුළ කටයුතු කරගෙන යාමේදී මුහුණදෙන ගැටලු පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු වී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ එම ගැටලුවලට එම අවස්ථාවේදීම ප්‍රමාණවත් විසදුම් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක කටයුතු කළ බවයි.

එම ක්‍රියාමාර්ගවල ඉදිරි පියවර ගැනීමට ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *