වත්මන් රජය රටේ දිළිඳු බව තුරන් කිරීම සඳහා ගෙන යන වැඩ පිළිවෙල සහ ඊට දක්වන ප්‍රමුඛතාවය මෙන්ම උනන්දුව තම සංවිධානයේ සතුටට හේතුවක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෲ ෆෆ්‍රැන්ව ප්‍රකාශ කළා.

ඒ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පිරිසක් අතර ඊයේ (27) පැවති සාකච්ඡාවකදීයි.

එම සාකච්ඡාව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

තමා වත්මන් රජයේ කැබිනට් අමාත්‍යවරු රැසක් මුණගැසුණු බවත් ඒ සියළුදෙනාගේ උවමනාව උනන්දුව දුප්පත්කම තුරන් කිරීම බවත් එය ඉතා හොඳ ප්‍රවණතාවයක් ලෙස දකින බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරකවරයා සඳහන් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *