හෙරොයින් කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 655ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වේයන්ගොඩ පොලිස් වසමේ පුංචි නයිවලවත්ත ප්‍රදේශයේදීයි.

අදාළ සැකකරු සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා යොදා ගත් වෑන් රථයක් හා මිනුම් උපකරණද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු 26 හැවිරිදි පුංචි නයිවලවත්ත, එස්සැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *