දමිල ප්‍රගතිශීලි සන්ධානයේ නායක කොළඹ දිස්ත්‍රික් පා.ම මනෝ ගනේෂන්ට එරෙහිව ලංකා කම්කරු කොන්ග්‍රසය අද (07) කොටගල සහ බගවන්තලාව යන නගරවල උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර තිබුණා.

ඒ, වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කිරීමට කම්කරු අමාත්‍යාංශය මඟින් නිකුත් කළ ගැසට් පත්‍රය තාවකාලිකව අත්හිටුවමින් ඉකුත් 04 දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් අතුරු තහනම සම්බන්ධයෙන් මනෝ ගනේෂන්
විසින් සිදු කළේ යැයි කියන ප්‍රකාශයකට විරෝධය පළ කරමින්.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිමට විරෝධය පාමින් මනෝ ගනේෂන් මන්ත්‍රිවරයා මාධ්‍ය මඟින් ප්‍රකාශයක් කර ඇති බවත්, එම ප්‍රකාශය තුළින් වතු කම්කරුවන් හෑල්ලුවට ලක් කර ඇති බවත් උද්ඝෝෂකයන් පවසනවා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *