වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින බන්දුල පෙතියා මත්ස්‍යයා වෙසෙන භූමිය සංරක්ෂණ කලාපයක් බවට පත්කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ හෙටට (2) යෙදී ඇති ජෛව විවිධත්ව සංරක්ෂණ දිනය වෙනුවෙන් සිදුකරන විශේෂ වැඩසටහන් මාලාව යටතේ මෙම තීරණය ක්‍රියාත්මක කරන බවයි.
මෙරටට ආවේනික මත්ස්‍ය විශේෂයක් වන බන්දුල පෙතියා වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි ගලපිටමඩ ආශ්‍රයෙන් පමණක් හමුවන මත්ස්‍යකි.
ඒ අනුව හෙට දහවල් ගලපිටමඩ ප්‍රදේශයේ දී පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් ඊට අදාළ වැඩසටහන පැවැත්වීමට නියමිතව තිබෙනවා.