පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද (01) ප.ව. 5 වනවිට දිවයින පුරා සම්පූර්ණ විදුලි බිඳවැටීම් 70,012ක් වාර්තා වී ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න සඳහන් කළේ ඉන් 41,684ක් මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බවයි.

එමෙන්ම ඉතිරි බිඳවැටීම් කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට අමතර කණ්ඩායම් යොදවා ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *