ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ලස් නිල සංචාරයක් සඳහා ඊයේ (02) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබෙනවා.
ඔහු සමඟ 15දෙනෙක්ගෙන් සමන්විත දූත පිරිසක් ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක අමාත්‍යාංශයට අයත් විශේෂ ගුවන් යානයකින් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මෙම සංචාරය තුළ දී දෙරට අතර ද්විපාර්ශවික සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීම සහ ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳ අවධානය යොමු කිරීමට නියමිතව තිබෙනවා.