රජයේ සහ පෞද්ගලික පාසල්වල 12 වන ශ්‍රේණිය වෙනුවෙන් පැවැත්වීමට නියමිත සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ලබන 13වනදා අවසන් වීමට නියමිතව තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ මාර්ගගත ක්‍රමය ඔස්සේ මීට අදාළ අයදුම්පත් කැඳවන බවයි.

පාසල් අයදුම්කරුවන් විදුහල්පති මාර්ගයෙන් සහ පෞද්ගලි අයදුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සඳහා සම්බන්ධ විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

මේ වසරේ 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන, එනම් ලබන වසරේදී උසස්පෙළ විභාගයට මුල්වරට පෙනී සිටින සිසුන්ට පමණක් මෙම විභාගය සදහා අයදුම් කළ හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *