ඇලස්කාවේ ඇලූටියන් දූපත් දාමයට ඔබ්බෙන් වූ මුහුදේදී නෞකාවක් ගිනි ගැනීමට ලක්වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම නෞකාවක් මඟින් මෙක්සිකොව වෙත විදුලි මෝටර් රථ 800ක් ඇතුළු වාහන 3,000ක් රැගෙන යමින් සිට ඇති බවයි.

නෞකාවේ ඇති ගිනිනිවීමේ පද්ධතිය යොදාගනිමින් එහි කාර්ය මණ්ඩලය හදිසි ගිනිනිවීමේ ක්‍රියා පටිපාටි ආරම්භ කළද ඔවුන්ට ගින්න පාලනය කිරීමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ හේතුවෙන් නෞකාවේ කාර්ය මණ්ඩලයේ 22දෙදෙනෙක් නෞකාව අතහැර ජීවිත ආරක්ෂක බෝට්ටු මඟින් ඉන් ඉවත් වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *