ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් 12ක පුද්ගලයන්ට එරටට ඇතුලුවීම සඳහා පැනවූ තහනම් නියෝගය අද (09) සිට ක්‍රියාත්මක වනවා.
ඇෆ්ගනිස්තානය, මියෙන්මාරය, චැඩ්, කොංගෝ, ගිනියාව, එරිත්‍රියාව, හයිටි, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය ඇතුළු රටවල්වලට මෙම තහනම පනවා ඇති බවයි වාර්තා වන්නේ,
ඊට අමතරව, බුරුන්ඩි, කියුබා, ලාඕස, සියෙරා ලියෝන්, ටොංගෝ, ටර්ක්මෙනිස්තානය සහ වෙනිසියුලාව යන රටවල පුද්ගලයන් සඳහා අර්ධ සංචාරක තහනමක් පනවා තිබෙනවා.