මධ්‍යම ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් ඉරානය නවතම මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා.
එම ප්‍රහාරයන්ගෙන් ඊශ්‍රායලයේ පුද්ගලයන් තිදෙනෙක් ජිවිතක්ෂයට පත්වී තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන ප්‍රහාරයන්ගෙන් ඊශ්‍රායලයේ හයිෆා තෙල් පිරිපහදුව ආසන්නයේ දැවැන්ත ගින්නක්ද හටගෙන ඇති බවයි.
ඊශ්‍රායලය විසින් එල්ල කරන ප්‍රහාරයන් අත්හිටුවීමක් සිදු නොකළහොත් ඊශ්‍රායලයට ඉතා දරුණු ප්‍රතිචාරයන්ට මුහුණදීමට සිදු වන බවට ඉරාන ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබෙනවා.