ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ බුද්ධි අංශ ප්‍රධානී මොහොමඩ් කසෙමි ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඒ ඊශ්‍රායලය විසින් ටෙහෙරානයට එල්ල කරන ලද ප්‍රහාරයක් හමුවේයි.
ඔහුගේ නියෝජ්‍ය නිලධාරි හසන් මොහාකික් සහ බුද්ධි අංශ නිලධාරි මොසෙන් බගෙරී යන අයද මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.