ඊශ්‍රායලය සහ ඉරානය අතර හටගෙන තිබෙන ගැටුම්කාරී වාතාවරණය හමුවේ දෙරටේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව පිළිබඳ නිරන්තර විමසිල්ලෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සඳහන් කළේ කිසියම් ශ්‍රී ලාංකිකයෙක්ට තම ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් පවතින්නේ නම් තානාපති කාර්යාල නිලධාරින් සම්බන්ධ කරගැනීමේ හැකියාව පවතින බවයි.

ඊශ්‍රායලයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමේ දුෂ්කරතා පවතින මෙරට වෙසෙන ඔවුන්ගේ ඥාතීන් ඇත්නම් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඒ පිළිබඳ විමසීම් කළ හැකි බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *