ඉන්දීය අධ්‍යක්ෂ මහේෂ් නාරායනන්ගේ ඉදිරියේදී එළිදැක්වීමට නියමිත ජනප්‍රිය තරු රැසක් රඟන චිත්‍රපටයේ දෙවැනි රූගත කිරීමේ කාලසටහන සඳහා ඉන්දීය නළු මෝහන්ලාල් පසුගිය 14වනදා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
ඔහු ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-166 ගුවන් යානයෙන් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
වත්මන් රූගත කිරීමේ අදියර සම්පූර්ණ කිරීම සඳහා මෝහන්ලාල් දින 10ක් ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිතයි.
ශ්‍රී ලංකාව චිත්‍රපට රූගත කිරීම් සඳහා විශිෂ්ට ස්ථාන ලබාදෙන බවත් ශ්‍රී ලංකාව වැඩකිරීමට ඉතා මිත්‍රශීලී ස්ථානයක් බවත් ඉන්දීය නළු මෝහන්ලාල් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළා.