ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් අද (17) ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර තිබෙනවා.

කොත්මලේ ජලාශභාර ඉංජිනේරුවරුන් සඳහන් කළේ එම ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබුණහොත් ජලාශයේ සෙසු වාන් දොරටු ස්වංක්‍රීයව විවෘත වන බවයි.

මේ හේතුවෙන් ජලාශ වේල්ලට පහළින් කොත්මලඔය දෙපස පදිංචිකරුවන්ට සලකිලිමත්ව සිටින ලෙස එම ජලාශභාර ඉංජිනේරුවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *