ගාසා තීරයේ හටගත් යුධ ගැටුම්වලින් ගත වූ පැය 24තුළ පුද්ගලයන් 140දෙනෙක් ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.
එම මියගිය පුද්ගලයන්ගෙන් වැඩි පිරිසක් ඊශ්‍රායල ගුවන් ප්‍රහාර සහ වෙඩි තැබීම් හේතුවෙන් මරණයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගාසා තීරයේ ඛාන් යුනිස් ප්‍රදේශයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයන් 05දෙනෙක් මිය ගොස් ඇති බවයි.
මධ්‍යම ගාසා තීරයේ සලාහුදීන් මාර්ගයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගෙන එන ලද ආධාර ට්‍රක් රථවලින් ආහාර ලබාගැනීමට බලා සිටි ජනතාවට සිදු කළ වෙඩි තැබීම්වලින් 14දෙනෙක් මියගොස් තිබෙනවා.