අල්ලස් ගැනීමේ චෝදනා මත පොලිස් සැරයන්වරුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා .

ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් විසින්.

වැලි ප්‍රවාහනය කිරීමේ ව්‍යාපාර කටයුතු බාධාවකින් තොරව සිදු කිරීමට සහ ව්‍යාපාරය සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු නොකර සිටීම සඳහා පුද්ගලයෙක්ගෙන් රුපියල් 25,000ක මුදලක් ලබා ගැනීමට තැත් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරුන් දෙදෙනා අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව රාජකාරී කරනු ලැබූ දෙදෙනෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *