විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන විෂය ක්ෂේත්‍රයේ සහයෝගිතාව වෙනුවෙන් චීනයේ චෙන්ග්ඩු හිදී ශ්‍රී ලංකාව සහ චීනය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන සහ චීනය වෙනුවෙන් එරට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය යින් හෙජුන් මෙම ගිවිසුමට අත්සන් කළ බවයි වාර්තා වන්නේ.

මෙම ගිවිසුමෙන් අපේක්ෂා කරන්නේ දෙරටේ විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව දිරි ගැන්වීම සහ ඒ සඳහා සහය ලබාදීම මෙන්ම ක්ෂේත්‍රයේ ගෝලීය අභියෝගයන්ට විසඳුම් සෙවීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *