රටට ප්‍රශ්නයක් නොවන විශේෂ වැඩපිළිවෙලක් යටතේ වාහන ආනයනය අගෝස්තු මාසයේ සිට ආරම්භ කිරීමට රජය බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ වාහන ආනයනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටද දැනුම් දී ඇති බවයි.

මේ සඳහා පත්කළ කමිටුව ජූලි 04 වනදා රැස්වූ අතර එහි වාර්තාව මසක් ඇතුළත හෝ අගෝස්තු දෙවන සතිය තුළදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ඔහු කියා සිටියා.

අද (10) පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *