නාවික හමුදාව විසින් තලෙයිමන්නාරම මුහුදේදී අත්අඩංගුවට ගෙන පසුව මන්නාරම අධිකරණයට ඉදිරිපත් කරන ලද ඉන්දීය ධීවරයන් 08දෙනෙක් ජූලි 03වනදා දක්වා රිමාන්ඩ් කරන ලෙස නියෝග කර තිබෙනවා.

ඒ මන්නාරම මහේස්ත්‍රාත්වරයා විසින්.

නීති විරෝධී ලෙස උතුරු මුහුදු කලාපයට පැමිණ මසුන් මරමින් සිටි මෙම ඉන්දීය ධීවරයන් 08දෙනා සමඟ ඔවුන් පැමිණි යාත්‍රාවක්ද, දැල් ආම්පන්න සහ මසුන් විශාල ප්‍රමාණයක්ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *