පොලිස් දෙපාර්තමේන්තුවේ නිල සුනඛ කන්ඩායම සඳහා අලුතින්ම එක්වූ ගැබ්බර සුනඛයන් දෙදෙනෙක් පැටවුන් 13 දෙනෙකු ප්‍රසූත කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

මෙසේ පැටවුන් බිහිකර ඇත්තේ පොලිස් නිල සුනඛ කන්ඩායම සඳහා එක් කිරීමට පසුගියදා නෙදර්ලන්තයෙන් මෙරටට ගෙන්වූ Belgian Malinois, German Shepherd, English Springer Spaniel වර්ගයේ නිල සුනඛයන් 35දෙනා අතර සිටි English Springer වර්ගයේ Tempard සහ Lea යන ගැබ්බර සුනඛයන් දෙදෙනා විසින් බවයි වාර්තා වන්නේ.

මෙම පැටවුන් මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ මූලස්ථානයේදී උපත ලබා තිබෙනවා.

ඒ අනුව පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ පශු වෛද්‍ය අමල් දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.

මෙලෙස පැටවුන් 13 දෙනෙකු බිහි කිරීම තුළින් රුපියල් මිලියන 25කට වැඩි මුදලක් ඉතිරිකර ගැනීමට හැකි වී තිබෙනවා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *