කොළඹ හැව්ලොක් නිවාස සංකීර්ණයේ කාන්තාවක් සතුව තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකාරිය ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශාඛා අයිරාංගනී වීරකෝන් නැමති සැකකාරිය වෙනුවෙන් ඉදිරිපත්කර තිබූ ඇප ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත්කර ඇති බවයි වාර්තා වන්නේ .

ඒ අදාළ සැකකාරිය රුපියල් 250,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අධිකරණය තිබෙනවා.

මේ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකද පසුගියදා ඇප මත මුදාහැරීමටද කොළඹ මහාධිකරණය නියෝග කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *