බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය, මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද (18) ඇතැම් ස්ථානවල මිලිමීටර 50ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ උතුර සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල සහ බටහිර, සබරගමුව, වයඹ සහ උතුරු මැද පළාත්වල විටින් විට හමන පැයට කිලෝමීටර 40 – 50ක පමණ තද සුළං ඇති විය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එමෙන්ම එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *