අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ වැඩසටහන සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය අදින් (21) අවසන් වන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ දෙවෙනි අධියර සඳහා මේ වන විට අයදුම්පත් විශාල ප්‍රමාණයක් ලැබී ඇති බවයි.

අදාළ අභියාචනා ප්‍රාදේශීය ලේඛම් කාර්යාලවලට භාරදිය හැකි වන අතර අනතුරුව එම අභියාචනා සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය වෙත යොමු කරන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එහිදී අභියාචනා සමාලෝචනය කිරීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *