හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ගමන් ගත් මෝටර් රථය කරුවලගස්වැව ප්‍රදේශයේදී අනතුරකට ලක් වී තිබෙනවා.

පොලීසිය පවසන්නේ මෙම අනතුර සිදු වී ඇත්තේ කරුවලගස්වැව ඉන්ධන හල ඉදිරිපිටදී යතුරු පැදියක් මාර්ගය හරහා දැමීමට යාමේදී බවයි.

අනතුරෙන් මෝටර් රථයට සහ එහි ගමන් ගත් කිසිවෙකුටත් හානි සිදු වී නොමැති අතර යතුරුපැදිකරුට සුළු තුවාල සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ගමන් ගත් මෝටර් රථයත් අනතුරකට ලක්වී තිබෙනවා.

ඒ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හුවමාරුව අසලදීයි.

එම අනතුරෙන් මන්ත්‍රීවරයාට කිසිදු තුවාලයක් නොමැති නමුත් එහි සිටි 03 දෙනෙකුට තුවාල සිදු වී තිබෙනවා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *