අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධාගාරගත කර සිටි හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.
ඒ අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.