2025 වසරේ ගත වූ මාස 06ක කාලය ඇතුළත පමණක් පොලිස් නිලධාරීන් 300කගේ වැඩ තහනමට ලක් වී තිබෙනවා.
වැඩබලන මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ රජයක් ලෙස තරාතිරම කුමක් වුවත් ඕනෑම පුද්ගලයෙක්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.
රාජ්‍ය සේවයේ නියුතු සුළු පිරිසක් සිදු කරන වැරදි නිසාවෙන් සමස්ථ රාජ්‍ය සේවයටම කැළලක් ඇතිවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.