රුපියල් ලක්ෂ 20ක් වටිනා කේරළ ගංජා කිලෝග්‍රෑම් 1, අයිස් ග්‍රෑම් 50ක් සහ හෙරොයින් ග්‍රෑම් 25ක් සමඟ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මඩකලපුව – කරුප්පන්කර්නි ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 35, 24 සහ 34ක් වන පුද්ගලයින්.

මෙම සැකකරුවන් කලක පටන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව ඇති අතර අත්අඩංගුවට ගත් කාන්තාවගේ සැමියාද එම චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගතකර ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *