වයඹදිග තුර්කියේ බාලිකෙසීර් පළාතේ රික්ටර් මාපකයේ 6.1ක ප්‍රබල භූ කම්පනයක් සිදුවී තිබෙනවා.
තුර්කි ආපදා කළමනාකරණ ඒජන්සිය (AFAD) සඳහන් කළේ මෙය එරට විශාලතම නගරය වන ඉස්තාන්බුල් ඇතුළු පළාත් කිහිපයකටම දැනී ඇති බවයි.
මෙයින් එක් අයෙක් මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් 29දෙනෙක් තුවාල ලබා තිබෙනවා.
එමෙන්ම මෙම භූ කම්පනය කිලෝමීටර් 11ක් පොළොව අභ්‍යන්තරයේ සිදුවී ඇති අතර එයින් ගොඩනැගිලි 16ක් පමණ කඩාවැටී ඇති බවයි වාර්තා වන්නේ.