අද (14) දිනයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ පෙරවරු 10.00 සිට පස්වරු 08.00 දක්වා පැය 10ක කාලයක්.

ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය සඳහන් කළේ නිට්ටඹුව කන්ද හේන, මාපගොල්ල, ලෝංගස්දෙණිය, පින්නගොල්ලවත්ත, කෝලවත්ත, ගොරකදෙණිය රණ්පොකුනගම, රණ් පොකුනගම නිවාස යෝජනා ක්‍රමය, බටලීය, අත්තනගල්ල, පස්යාල, ඌරාපොල, දික්කන්ද, මීවිටිගම්මන, මාඉඹුල, මාතලාන, භග්ගල්ල, අලවල, කලල්පිටිය, ඇල්ලමුල්ල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *