අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නොතීසි නිකුත් කර තිබෙනවා.
ඒ අගෝස්තු 29වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වායි.
අල්ලස් කොමිසම විසින් සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60(1) වගන්තිය යටතේ මෙම නොතීසි නිකුත් කර තිබෙනවා.