ඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිළමේවරයා ලෙස ඉෂාන් සංඛ මාපිටිගම තේරී පත්වී තිබෙනවා.
ඒ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු කොමසාරිස් ආර්. එම්. ජී. සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවති ඡන්ද විමසීමේදීයි.
නිලවරණය සඳහා අපේක්ෂකයින් 20 දෙනෙකු පමණ තරග වැදුණු අතර ඉෂාන් සංඛ මාපිටිගම සහ ජයසිංහ බණ්ඩාර අතර පැවති තරගයෙන් ඡන්ද 6ක් හිමිකර ගනිමින් එහිදී ඉෂාන් සංඛ තේරී පත්වී තිබෙනවා.
ඒ අනුව සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිළමේ තනතුරට තරුණයෙකු පත්වූ පළමු අවස්ථාව මෙය වනවා.