2025 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලාංකිකයන් සඳහා විද්‍යුත් ගමන් බලපත්‍රයක් නිකුත් කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය පහසු කිරීම සඳහා මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව එම දෙපාර්තමේන්තුවේ අතිරේක පාලක ජනරාල්වරයා සඳහන් කළා.
ඒ අනුව, 2024 ජූලි 16 දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කිරීමේදී https://www.immigration.gov.lk/ හි පූර්ව ලියාපදිංචි සබැඳි අවශ්‍ය වනවා.
මෙම ක්‍රමවේදය ජූලි මාසයේ ලියාපදිංචි වූ අයදුම්කරුවන් සඳහා සිකුරාදා (19) සිට ක්‍රියාත්මක වන බව සඳහන්.
එබැවින් පවතින ක්‍රමවේදය හෙට (18) දක්වා ක්‍රියාත්මක වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
(rednews)