නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සැප්තැම්බර් 12වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
රතන හිමියන්ට වරෙන්තු නිකුත් වී තිබෙන්නේ 2020 මහ මැතිවරණයෙන් අපේ ජනබල පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට ලබා ගැනීම සඳහා තමා පැහැරගෙන ගොස් ලිපි ලේඛන කිහිපයකට බලහත්කාරයෙන් අත්සන් ගත් බවට පූජ්‍ය වේදනිගම විමලතිස්ස හිමියන් කොළඹ අපරධ කොට්ඨාසයට ඉදිරිපත් කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන්.