සංචාරක වීසා මත මෙරටට පැමිණ ව්‍යාපාර කටයුතු සිදුකළ රුසියානු ජාතික තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ උණවටුන සංචාරක පොලිස් ඒකකයට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 29ක් වන රුසියානු ජාතික තරුණියක්.

මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ ඇය සංචාරක වීසා උල්ලංඝනය කර උණවටුන ප්‍රදේශයේ සමාජ ශාලාවක් ආකාරයෙන් හෝටලයක් හා ආපනශාලාවක් පවත්වාගෙන ගොස් ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *