ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ඊයේ (04) රාත්‍රියේ සිදු වූ අනතුර හේතුවෙන් අවශ්‍ය සහන කටයුතු සඳහා ගුවන් හමුදාවට අයත් MI-17 වර්ගයේ හෙලිකොප්ටරයක් දියතලාව ගුවන් හමුදා කඳවුරේ ස්ථානගත කර තිබෙනවා.
එමෙන්ම Bell-412 වර්ගයේ හෙලිකොප්ටරයක් වෛද්‍ය කාර්ය මණ්ඩලයක් සමඟ වීරවිල ගුවන් හමුදා කඳවුරේ ස්ථාන ගතකර ඇති බවයි වාර්තා වන්නේ.
හදිසි රෝගීන් කොළඹට ගෙනඒමට හෝ වෙනත් ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා තවදුරටත් මෙම හෙලිකොප්ටර් සූදානම් බව ගුවන් හමුදාව පවසනවා.