රුපියල් ලක්ෂ 30කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100යි මිලිග්‍රෑම් 280ක්, අයිස් ග්‍රෑම් 50යි මිලිග්‍රෑම් 11ක්, රුපියල් 23,000කට ආසන්න මුදලක් සහ ජංගම දුරකථන 2ක් සමඟ ‘සීගිරියේ අතුරුදහන්’ නමින් පෙනී සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සීගිරිය පොලීසියට අනියුක්තව සේවය කරන උපපොලිස් පරීක්ෂකවරියක් සහ පොලිස් කොස්තාපල්වරියක් ඇතුළු පිරිසකට ලද තොරතුරකට අනුව සිදුකළ හදිසි මෙහෙයුමකදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු සීගිරිය රන්ගිරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අදාළ සැකකරු මීට පෙර ගංජා සමඟ අත්අඩංගුවට පත්ව නිදහස් වූ පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *