ලොරි රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අද (08) බිහිසුණු අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ යාලබෝව ලංගම ඩීපෝව ඉදිරිපිට ප්‍රදේශයේදීයි.

පොලීසිය සඳහන් කළේ අනතුරින් මෝටර් රථයේ ගමන්ගත් දෙදෙනෙක් තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි.

එමෙන්ම අදාළ අනතුරින් ලොරි රථය මාර්ගය හරහා පෙරළී ගොස් ඇති අතර ඒ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතුවලටද බාධා එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *