බුත්තල සහ ඔක්කම්පිටිය ප්රදේශවල සැරිසරමින් සිටි මහසිලු නම් ඇතාගේ මළ සිරුර අද (11) උදැසන සොයාගෙන තිබෙනවා.
ඒ ඔක්කම්පිටිය ඉලුක්පිටිය ප්රදේශයේ වෙල් යායක තිබියදීයි.
මේ වන තෙක් මෙම ඇතාගේ මරණයට නිෂ්චිත හේතුවක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ඇතාගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.