අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ මෝටර් රථයක ගැටීමෙන් අද (12) උදෑසන බිහිසුණු අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේදීයි.

අදාළ අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන්ගත් පෙරපාසල් සිසුන් 06දෙනෙක් සහ ගුරුවරෙයෙක් තුවාල ලැබීමෙන් දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

නෝර්වුඩ් පොලීසිය සඳහන් කළේ ත්‍රීරෝද රථයේ ඉදිරිපස රෝදයේ අනාරක්ෂිත ලෙස සවිකර තිබූ අමතර කොටසක් මෝටර් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර ත්‍රීරෝද රථයට දැඩි අලාභ හානි වී ඇති බවයි.

එමෙන්ම නෝර්වුඩ් පොලීසිය විසින් මෝටර් රථය ධාවනය කළ කාන්තාව සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *