ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (20) යෙදී තිබෙනවා.

ශාසනික වැදගත්කම් රාශියකින් යුත් ඇසළ පුර පසළොස්වක ‍පොහොය දිනය ශ්‍රී ලංකාවාසීන් මෙන්ම සමස්ත ලෝ වැසි බෞද්ධ ජනතාවට ඉතා වැදගත් පොහොය දිනයක්.

ඒ අනුව බෝසතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා කුස පිළිසිඳ ගැනීම, ගිහිගෙය කලකිරී මහා අභිණිෂ්ක්‍රමණය කිරීම සහ රාහුල කුමරුගේ උපත වැනි සිදුවීම් සිදුවුණේ අද වැනි උතුම් පොහෝ දිනකයි.

මෙවැනි වූ තවත් සිදුවීම් රැසක් ඇසළ පුර පසළොස්වක පොහොය දිනයේදී සිදු වී තිබෙනවා. එම සිදුවීම් පහතින්,

බෝසතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මහාමායා කුස පිළිසිඳ ගැනීම
සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහා අභිණිෂ්ක්‍රමණය කිරීම
රාහුල කුමරුගේ උපත
බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව
තව්තිසා දෙව් ලොවට වැඩම කළ බුදුරජාණන් වහන්සේ අභිධර්ම දේශනා කිරීම
අරිට්ඨ කුමරු ඇතුළු 50 දෙනෙකු පැවිදි උපසම්පදාව ලැබීම
විහාරස්ථානවල වැඩවසන භික්ෂූන් වහන්සේලා වස්වැසීම ආරම්භ කිරීම

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *