2027 වර්ෂයේ ප්‍රංශ ජනාධිපතිවරයණයට ඉදිරිපත්වීමට තීරණය කර සිටි ප්‍රංශ අන්ත දක්ෂිණාංශික නායිකා මැරීන් ලර් පෙන් හට වසර 5ක දේශපාලන තහනමක් පනවා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වරදකරු වූ ඇයට වසර 2කින් අත්හිටවූ වසර 4ක සිරදඬුවමක් පැරිස් අධිකරණයක් විසින් නියෝග කර ඇති බවයි.

ඒ යුරෝපා සංගමයේ අරමුදල් අනිසි ලෙස භාවිත කිරීමේ චෝදනාව මතයි.

එමෙන්ම ඇයට වසර 5ක කාලයක් දේශපාලන කටයුතුවල නිරත වීම ද තහනම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *