නිට්ටඹුව – කිරිඳිවැල මාර්ගයේ මනමාල වංගුව ප්‍රදේශයේදී යුද හමුදා සෙබළුන් රැගත් බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් සෙබළුන් 22ක් තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළු කර තිබෙනවා.
පොලීසිය ප්‍රකාශ කළේ තුවාල ලැබු අය අතර බස් රථයේ ගමන් ගත් රියදුරු ද සිටින බවයි.
ඔවුන්ගෙන් 20ක් ප්‍රතිකාර ලබාගෙන පිටව ගොස් ඇති අතර රියදුරු සහ යුධ හමුදා සෙබළෙක් තවදුරටත් රෝහලේ ප්‍රතිකාර ලබනවා.
පොලීසිය සඳහන් කළේ අද (21) උදෑසන එම අනතුරු සිදුව ඇති අතර ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කිරිඳිවැල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවයි.
(rednewsalert.lk)