මන්නාරම වෙඩිතලතිව් යුද හමුදා කඳවුරක උණ රෝගයක් පැතිර යාම හේතුවෙන් සෙබළුන් 500කට ආසන්න සංඛ්‍යාවක් එම කඳවුර තුළම නිරෝධායනයට ලක් කර තිබෙනවා.

ශ්‍රී ලංකා යුද හමුදා වෙඩිතලතිව් ආධුනික පුහුණු පාසලේ පුහුණුව ලබන ආධුනික සෙබළුන් අතරේ මෙම උණ රෝගය පැතිර ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කඳවුරේ සිටි සෙබළුන් 25 දෙනෙක් රෝහල් ගතකර ඇති අතර ඉන් එක් සෙබලෙක් බරපතළ රෝගී තත්ත්වයෙන් පසුවීම නිසා ඔහු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුලත් කර තිබෙනවා.

කෙසේ වෙතත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ උණ රෝගී තත්ත්වය පැතිර යාම සාර්ථකව පාලනය කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *