සැලසුමක් නොතිබීම හේතුවෙන් නෙදර්ලන්ත ආධාර ඇතිව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ පාලම් ව්‍යපෘතියක් අතරමග නතර වී ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් සඳහන් කළේ 2021 වසරේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය 2024 වසරේ අවසන් කිරීමට නියමිතව තිබූ බවයි.

එම ව්‍යාපෘතියේදි පෙර සවි පාලම් 162ක් සවි කිරීමට නියමිතව තිබුණා.

ඒ සඳහා රුපියල් මිලියන 14,112ක මූල්‍යාධාරයක් නෙදර්ලන්ත රජය විසින් සිදු කළ අතර ඉන් 35%ක්ම ප්‍රදානයක් බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඉන් සම්පූර්ණයෙන් ඉදිකිරීමට හැකිවී තිබෙන්නේ පාලම් 101ක් පමණක් බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් වැඩිදුරටත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *